දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 සඳුදා අලුයම 4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
යුද හමුදාපතිවරයා සදහන් කළේ, කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවයි.