Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-09) – ඊයේ ආසාදිතයින් 344 යි මරණ 05 යි

    අද දින (09) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 344 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 10 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 334 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (08) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 65 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 54 ක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 168 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 507දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (08) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 7,194  ක් සිදුකර ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 86,039
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 82,513
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 3,019
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 507

    https://www.hpb.health.gov.lk/si (Accessed march-09-2021 10.05 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *