ඊයේ (08) කාන්තා දිනය දා විශිෂ්ඨ කාන්තාවකගේ නික්මයාම සිදුවුනි. ඒ හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන ඩබ්ලිව්.ඩී. පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වූ විමලා අමරදේව මහත්මියයි.
මිය යන විට 87 වන වියේ පසු වූ ඇය හෘදයාබාධය තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඇය වෘත්තියෙන් ජන ගායන හා නාර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇත.
ඇය හා පණ්ඩිත් අමරදේවයන් විවාහ වී ඇත්තේ 1963 වසරේ දීය.
1934 වසරේ උපන් ඇයද 1927 වසරේ උපන් පණ්ඩිත් අමරදේවයන්ගේ ද උපන්දින දෙසැම්බර් 05 දිනට යෙදී තිබීමද විශේෂත්වයක් වේ.