Headlines

    ලාෆ්ස් ගෑස් මිල ඉහළට

    අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි වේ.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි. 

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100 ලෙසත්  කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,645 බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *