පිටකොටුව වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුරේ DNA පරීක්ෂණ වාර්ත නිකුත් වී ඇති අතර එම සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි 30 හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
පසුගිය මාර්තු මස 1 වන දින ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී මහ මඟ දමාගොස් තිබියදී සොයා ගැණුනු අතර, එහි හිස නොමැති බැවින් විද්‍යානුකූල හඳුනාගැනීමක් සඳහා මෙලෙස DNA පරීක්ෂණයක් සිදුකර ඇති බව සඳහන් වේ.

එහි දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමග ඝාතනය වු තරුණියගේ DNA සාම්පලය සැසදෙන බව පරීක්ෂණ වාර්තා සනාත කරන බවයි.
මෙම DNA පරීක්ෂණය රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න මහතා විසින් සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් තවමත් මෙම කාන්තාවගේ හිස සොයා ගැනීමට නොහැකිවී ඇති අතර තරුණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (09) සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.