ලබන මාර්තු 15 දින බස්හිරහැර දිවයිනේ අනෙකුත් පාසල් වල සියළුම ශ්‍රේණි නැවත ආරම්භ වන අතර බස්නාහිර පළාතේ පමණක් ලබන මාර්තු 15 දින ශ්‍රේණි 3ක් පමණක් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය හිමිවී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාතේ 5 , 11 සහ උසස් පෙළ ශ්‍රේණි පමණක් ලබන 15 වැනිදා ආරම්භ කිරිමට නියමිත බව සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, ඉතිරි ශ්‍රේණි සඳහා අප්‍රේල් මාසයේ නිවාඩුවෙන් පසු අප්‍රේල් මස 19 වන සඳුදා දින පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බවය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ලිඛිත නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇති බවය.
දිවයිනේ සෙසු පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යන කටයුතු ලබන සඳුදා කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.