අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත වේ. පසුගිය මාර්තු පළමු දින ආරම්භ කෙරුණු සාමාන්‍ය පෙළ විභාගය දින 9 ක් පුරා දීපව්‍යප්තව මධ්‍යස්ථාන 4513 ක දී පැවැත්විණි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටි අතර කොරෝනා ආසාදිතව සිටි සිසු සිසුවියන් 56 දෙනෙකු පෙනී සිට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ඔවුන් දිවයින පුරා පිහිටවූ විශේෂ මධ්‍යස්ථාන 40කදී විභාගය සඳහා පෙනී සිටි බවයි.
කෙසේ වෙතත් සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ පන්ති කාමරයක් සූදානම් කර තිබූ බවත් නිරෝධායනය වෙමින් සිටි සිසුන් 321 දෙදෙනකු එම මධ්‍යස්ථාන තුළදී විභාගයට පෙනී සිටි බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.