කොටහේනේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස වෙඩිතැබීමක් සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 42ක් හා තුවාලකාරිය වයස අවුරුදු 70ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් යොදාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *