කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි  යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි.

අදාළ අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු සහ ඊට ආදාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ දිනයේ පොලීසියට භාර වී තිබුණි.

අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 17 සහ 18 වයස් වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *