Headlines

    ගම්පහ කොරෝනා ආසාදිතයිගේ ඉහළ යෑමක් – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 04 යි

    අද දින (10) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 16 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 288 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (09) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 58 ක් ලෙස දැක්වේ. රත්නපුර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 42 ක් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 156 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 04ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 62   හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 511දක්වා ඉහල ගොස් ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 86,343
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 82,763
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 3,079
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 511

    https://www.hpb.health.gov.lk/si (Accessed march-10-2021 01.30 p.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *