වතු සේවකයිගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මාර්තු මස 05 වැනිදා සිට එම තීරණය බල පැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට මෙම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් කළේය.
ඒ අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කළ අතර ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ පඩි පාලක සභාව තීරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමටයි.
ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වැනිදා දක්වා කල් දී තිබූ අතර මාර්තු 01 වැනි දා යළි රැස්වූ අවස්ථාවේ වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුක් සභාවේ එළඹි තීරණය එම සභා රැස්වීමේදී ස්ථිර වී ඇත.
කෙසේ වෙතත් මාර්තු මස 05 වැනිදා සිට බලපැවැත්වෙන ලෙස වතු සේවකයිනගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කෙරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.