මුම්බායි අවසන් සටන පෙනෙන මානයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමට ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ලෙස කඩුලු 6ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

මෙම තරගයේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් IPL වරම් හිමිකරගත් කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් රැස්කිරීමට සමත් විය.

හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගින් පන්දු 10කින් කුසල් සිය ඉනිම ගොඩනගමින් සිටියදී අවාසනාවන්ත හිට් විකට් දැවීයාමකින් පිටියෙන් ඉවත්ව ගියේය.

මේ අනුව ජයලැබූ මුම්බායි කණ්ඩායම පෙරේදා (29) පැවති Qualifier-1 තරගයෙන් පරාජය වූ පංජාබ් කණ්ඩායම සමගින් ක්‍රීඩාකරනු ලබයි.

Qualifier-2 ලෙසින් පැවැත්වෙන එම තරගය හෙට (1) අහ්මදාබාද්හිදී පැවැත්වේ.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම එළැඹෙන ජූනි 3වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමගින් තරග වඳිනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *