ඊයේ (10) රාත්‍රී 11.30 ට පමණ කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ වැගන් R වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබිණ.
එහි දී අදාල මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
එලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි කළුබෝවිල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව පොලිසිය දැනට හදුනා ගෙන ඇත.
මෙහි දී එම ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා ද පැමිණ නීරික්ෂණය කර ඇති අතර ව්‍යාපාරිකයාගේ සිරුර හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
තවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම වැගන් R වර්ගයේ මෝටර් රථය ගමන් කළ ප්‍රදේශ ආශ්‍රිතව CCTV දර්ශන ද ලබා ගෙන ඇති බවය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ , බිරිඳගේ පියා , මිය ගිය ව්‍යාපාරිකයාගේ මව , බිරිඳගේ පියාගේ රියැදුරෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශක සටහන් කර ගත් බවයි.