Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-12) – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 05 යි

    අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 292 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 75 ක් ලෙස දැක්වේ. ගාල්ල දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 49 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 125 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (11) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 6,054  ක් සිදුකර ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 86,989
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 83,561
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,908
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 520

    https://www.hpb.health.gov.lk/si (Accessed march-12-2021 09.35 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *