මෙරට සීනි බදු වංචාවේ වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
ඒ අනුව මෙරටට ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීමෙන් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් ඒවාට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර ඇත.
මෙහි දී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මෙහි දී පෙත්සමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රජය විසින් සීනි ආනයනයේ දී සිදු වූ පාඩුව යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස හා ඔවුන්ගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් අයකරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවය.