සෑම වසරකම මාර්තු මස 12 වනදාට ලෝක ග්ලෝකෝමා දිනය යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත.
ඒ අනුව මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න යනුවෙනි.
ග්කෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. ඒ අනුව ග්ලෝකෝමාව මගින් ක්‍රමයෙන් දෘෂ්ථි ස්නායුවට හානිකිරීමෙන් ඔබගේ පෙනීම සොරා ගන්නා අතර ඇසෙන් අප දකින දේ නිවැරදිව හදුනාගැනීම සදහා ඇසේ සිට මොලයට සන්නිවේදනය ලබාදෙන දෘෂ්ඨි ස්නායුවට හානි වීම යනු ලෝකය දකින දෙනෙත් වල පෙනුම තැනි වීම වේ.
ග්ලෝකෝමාව යනු මෙම දෘෂ්ඨි ස්නායුවේ අදෘශ්‍යමාන, නිහඩ මාරයා වේ.
පසුගිය මාර්තු 10 වන දා පෙරවරුවේ ලිප්ටන් වටරවුමෙහි ග්ලෝකෝමාව පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කෙරුණු ලැබීය.
ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සුවිශේෂී කාර්යයභාරයක් ග්ලෝකෝමා රෝගය සම්බන්ධව ඉටුකරනු ලබයි. එහි දී සෑම වසරකම ග්ලෝකෝමා සතිය නිමිති කොට ගෙන ජනතාව විශාල සංඛ්‍යාවක් ඒකවර පරීක්ෂාවට ලක්කිරීම, වසර පුරාම රටතුළ ව්‍යාප්ත වී තිබෙන අක්ෂි ඒ්කක වලින් ජනතාව පරීක්ෂාවට ලක්කිරීම හා ලිඛිත සහ විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් ග්ලෝකෝමා රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමද ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදු කරනු ලබයි.