Headlines

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ නැවතත් කොවිඩ් රෝගීන් – කොවිඩ් තුන්වන රැල්ලක් පිළිබඳ PHIලා අනතුරු අඟවයි..

    ඊයේ (12) දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණ මඟින් එම වෙළඳ කලාපයේ පුද්ගලයින් 43 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

    මේ වන විට නව ආසාදතයින් 69 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

    කෙසේ වෙතත්  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටින්නේ කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බවය.

    එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, එළඹෙන සිංහල – හින්දු අළුත් අවුරුදු හා පාස්කු උත්සව සමයේ දී ජනතාව රජය විසින් ලබා දෙන නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම් මහා ව්‍යවසනයකට මුහුණදීමට සිදුවිය හැකි බවයි.

    “දැනට රටේ පවතින තත්ත්වය අනුව කිසිදු නිරෝධායන තත්ත්වයක් සංචරණ සීමා සඳහා බලපාන අයුරින් අපට නීති නිකුත් කරලා නෑ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීලය වගේ රටවල්වල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කොවිඩ් -19 ආසාදනය ඉතාම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. ඒ අපි මේ මොහොත් අනතුරු අඟවනවා. ඉදිරියේ දී එන පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැතිනම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණදෙන්න සිද්දවෙයි කියලා අනතුරු ඇඟවනවා.“ – යැයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *