Headlines

    බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අත්සන් කෙරේ..

    බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගය සහිත කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13) කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමිනි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙරට ජාතික ආරක්ෂාවට බුර්කාව ඍජුව බලපානු ලබන බවයි.

    “ අපි දන්නවා අපි පුංචි කාලයේ දීත් ඕන තරම් මුස්ලිම් යාළුවෝ හිටියා. මුස්ලිම් ගැහැණු දරුවෝ බුර්කාව පැළඳගෙන හිටියේ නෑ. ඒක ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්.ඒක අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල්. මෙරට මද්‍රසා පාසල් තියෙනවා 2000කට වැඩි ප්‍රමාණයක්. අපි කාටවත් පුළුවන්කමක් නෑ පාසලක් විවෘත කරලා ඕන ඕන දේවල් ළමයින්ට උගන්වන්න. අවුරුදු 5 සිට 16 දක්වා සියලුම දරුවෝ මේ රටේ ඉපදෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුව තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ නිසා එහෙම ජාතික අධ්‍යාපනයක් අනුව ලියාපදිංචි නොවුණ 1000කට වඩා තියෙන මද්‍රසා පාසල් තහනම් කරන්නත් අපි හෙට අනිද්දා කටයුතු කරනවා. “ – යැයි එම උත්සවය අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *