වයස අවුරුදු 60 ට වැඩිහිටියන් හට කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000 ප්‍රමාණය ලබා දීම ඊයේ (12) රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලබේ කොතලාවල පුර වැඩිහිටි නිවාසයේදි ආරම්භ කෙරුණි.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
තවද මෙහි දී කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ තිබෙන වැඩිහිටි නිවාස වල සේවය කරන පාලිකාවන්ට සහ වැඩිහිටියන් බලා ගන්නා කාර්යමණ්ඩල වලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්, එන්නත්කරණ වැඩසටහන යටතේ පළමුව කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්ක වල සහ කොළඹ මහ නගර සභා සීමාව තුළ වෙසෙන වැඩහිටියන් ඉලක්ක කර ගනිමින් ලබාදීමට සැළසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.