Headlines

    2020 අපොස සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම මාර්තු 27 සිට – ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ..

    2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු මාර්තු මස 27 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.

    ඒ අනුව උත්තර පත්‍ර ඇගයීමයේ පළමු අදියර යටතේ මාර්තු 27 වැනි දා සිට අප්‍රේල් 05 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරෙනු ඇති අතර දෙවන අදියරයේ ඇගයීම කටයුතු අප්‍රේල 06 වැනි දා ආරම්භවී මැයි 05 වැනි දා අවසන්වීමට නියමිත බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇති බවද ඒ මහතා මෙහි දී සඳහන් කරන ලදී.

    මේ මස සිට අප්‍රේල් දක්වා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට පුහුණු වීමට කාලය ලබා දීමේ අරමුණින් මෙම දිනය තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *