2021 වසරේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස දී නොපැවැත්වීමට තීරණයක් ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා හා සියලු පළාත් අධ්‍යක්ෂවරුන් ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් සිදු කළ සාකච්ඡාවේ දී මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.
මෙහිදී පවතින කොරෝනා වසංගසය හේතුවෙන් සිසුන්ට පාසල් නොපැවැත්වීමත් සමග නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය නොවීම හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ විභාග පැවැත්වීම සාධාරණ නොවන බව එහිදී සාකච්ඡා වී ඇත. ඒ අනුව මෙම තීරණයට එළඹ ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අ.පො.ස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන දිනයන් පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවය.