Headlines

    ප්‍රථම වරට ඊයේ වැඩිම අසාදිතයින් මාතරින් – මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ..

    අද දින (14) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 33 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 281 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (13) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 45 ක් ලෙස දැක්වේ.

    ඒ අනුව වැඩිම ආසදිතයින් ගණන වාර්තා වන්නේ මොරවක ප්‍රදේශයෙනි. ඒ ඊයේ (13) දිනයේ දී මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු හඳුනා ගැනුණි. පසුගියදා එම නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවල පිරිසට සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

    කෙසේ වෙතත් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් අද (14) සිට දින 3ක කාලයක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත. තවද මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වෙන බව පිටබැද්දර ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කරයි.

     ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කරේ, පසුගිය දින 03 තුළ පමණක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 100 දෙනෙකු ද හඳුනාගෙන ඇති බ‍වයි. ඊයේ (13) දිනයේ ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    වවුනියාවේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර එහි සේවක හා කාර්ය මණ්ඩලයේ 700 කට ආසන්න පිරිසකගේ ද PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ද සඳහන් වේ.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ,48 හැවිරිදි කනත්තේවැව  ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහල ගොස් ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 87,600
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 84,253
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,821
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 526

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *