Headlines

    ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ ඇති වූ ගින්නකින් නිවාස 50කට හානි..

    කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ඇති වූ ගින්නකින් නිවාස 50කට පමණ හානි වී ඇති බව වාර්තා වේ.

    පොලීසිය සඳහන් කරන්නේ අද(15) අලුයම 2.40 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

    කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීම් රථ 5 ක් හා පොලීසිය විසින් මේ වන විට ගින්න පාලනය කර ඇතැයි ද ගින්න හේතුවෙන් ‍කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව  ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ප්‍රකාශ කළේය.

     පොලීසිය සැක කරන්නේ නිවසක දල්වා තිබූ පහනකින් මෙම ගින්න හටගෙන ඇතැයි බවයි.

    ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *