අද දින (15) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 307 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 25 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 07 දෙනෙකු ඉතිරි ආසාදිතයින් 275 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 50 ක් ලෙස දැක්වේ. මාතර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 49 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 129 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඔහු මාතර මුලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහි දී ඔහුට ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් එම රෝහලේ දී ඊයේ මියගොස් ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 527 දක්වා ඉහල ගොස් ඇත.
මේ අතර ඊයේ (14) දිනයේ දී කොවිඩ් ආසාදිතව මියගිය කිතුනු ආගමිකයෙකුගේ දේහයක් ද ඥාතීන්ගේ ඉල්ලීම පරිදි මඩකලපුව ඔට්ටමාවඩි හි භූමදානකර ඇති බව වාර්තා වේ.
ඊයේ (11) දිනයේ දී මෙරට තුල PCR පරීක්ෂණ 6,918 ක් සිදුකර ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 87,907
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 84,648
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,732
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 527

https://www.hpb.health.gov.lk/si (Accessed march-15-2021 11.35 a.m IST )