Headlines

    ගෙවුනු දිනයේ වැඩිම ආසාදිතයින් මාතරින්- ඊයේ ආසාදිතයින් 331 යි මරණ 05 යි

    අද දින (16) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 83 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර ඉතිරි ආසාදිතයින් 248 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (15) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 49 ක් ලෙස දැක්වේ. මාතලේ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 34 ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 137 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණය 05 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක්, ගම්පහ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ කළුතර උතුර පදිංචි 94 හැවිරිදි කාන්තාවක් වේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහල ගොස් ඇත.

    ඊයේ (11) දිනයේ දී මෙරට තුල PCR පරීක්ෂණ 5,543  ක් සිදුකර ඇත.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 88,238
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 84,969
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,737
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 532

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *