ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ. ඒ කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවය.
එහි දී ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා තම ස්තූතිය පුද කර ඇත.
තව ද නිල නිවේදනයක් නිකුත් කරමින් අදානී සමාගම පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% ක කොටස් හිමිකර ගැනීමට බලාපොරොත්තු තම සමාගම වන බවයි. ඉතිරි 49%ක කොටස් වල ආයෝජනය සඳහා වරාය අධිකාරිය හා දේශිය ආයෝජකයින්ට අවස්ථාව ඇති බව එම සමාගම වැඩි දුරටත් පෙන්වා දෙයි.
ශ්‍රි ලංකා වරාය අධිකාරිය හා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමඟ එක්ව වසර 35ක කාලයක් බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අදානී පෝට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
කෙසේ වෙතත් පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබුණේ, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉන්දීය හා ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමය.