Headlines

    බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජයේ තීරණය..

    අද (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජය තීරණයක සිටින බව ද හදිසි නොවී ඉතා හොඳින් සිතාබලා කිසිඳු පාර්ශවයකට අනිසි බලපෑම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව කළ යුතු බවත් කියා සිටියේය.

    ඒ අනුව මුස්ලිම් ප්‍රජාව ලාංකිකයන් ලෙස මෙරට සිටින අතර ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් උරුම කරගෙන සිටින බව හා මෙම බුර්කාව ඉවත් කිරීම වැනි කටයුතු වලදී ඔවුන්ගේ සංස්කෘතියට අනිසි බලපෑමක් සිදු නොවන ආකාරයට සිදු කළයුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

    කෙසේ වෙතත් බුර්කාව වැනි ඇඳුම් හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළයුතු බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙහි දී බුර්කාව තහනම් කිරීම මෙරට අභ්‍යන්තර ගැටලුවක් බව ද එමගින් රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑමක් සිදු නොවන අතර පාකිස්ථානය ඇතුළු මෙරට හිතවත් මුස්ලිම් රටවල් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවත් ඇති කරගනු නැති බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *