Headlines

    ගාලු කොටුවෙන් හමු වූ පුරා වස්තු..

    ගාලු පුරවරයේ ප්‍රධාන සංධිස්ථානයක් වන ගාල්ල ඕලන්ද කොටුවේ ප්‍රධාන පිවිසුම ආශ්‍රිතව සිදු කරන ලද කැනීමකින් යුරෝපයේ පුනරුද යුගයට අයත් පිගන් භාණ්ඩවල නටබුන් රැසක් හමුවී ඇත.

    මෙම දුර්ලභ පිගන් භාණ්ඩ අවශේෂ එකල පැවති විදේශ සබඳතා පිළිබඳ වැදගත් දත්ත රැසක් ලබා ගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

    මෙම කැනීම් ගාල්ල නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු කරන අතර ඉදිරියේ දී ගාලු කොටුවේ ප්‍රධාන පිවිසුම සංරක්ෂණය කිරීමට පියවර ගන්න බව ද නිමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *