Headlines

    ඩොලරයේ මිල 200 පනී..

    මහ බැංකු වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල ඊයේ (16) දින රුපියල් 200.06 ලෙස ඉහළ ගොස් තිබේ. එහි දී  ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 195.28 ලෙසය.

    ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම වසරේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සීමාව ඉක්මා ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ බවයි.

    2021 වසරේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 5.75% කින් පහත ඇති බව මහබැංකු දත්ත වාර්තා සඳහන් කරයි.

    කෙසේ වෙතත් ගිය වසරේ අප්‍රේල් මාසයේ ද අවස්ථා 2 කදී ඇමෙරිකානු ඩොලරයක විකුනුම් මිල රුපියල් 200 සීමාව ඉක්සවා ගොස් තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *