බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මියගේ ආරාධනාවකට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි.
ඒ අනුව UL 189 ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යතුමා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස බංග්ලාදේශය බලා පිටත් වී ඇත.
අග්‍රාමාත්‍යතුමා බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අතර එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිස පිළිගනු ලැබ තිබේ.
එහි දී අද (19) දින පස්වරුවේ බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ 100 වන ජන්ම දිනය සැමරීම හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමටද අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී සිදු වීමට නියමිතවේ.
තවද දෙරට අතර කෘෂි කාර්මික, වෙළෙඳ හා ආයෝජන, ආරක්ෂක සමුද්‍රීය සබඳතා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංචාරක ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ලදී.
මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා එරට අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

