Headlines

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන චීනය පසුකරයි – ඊයේ ආසාදිතයින් 354 යි මරණ 01 යි..

    අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 342 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 197 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 58 ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 70 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර මෙලෙස මිටගොස් ඇත්තේ, 64 හැවිරිදි මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවක් වේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව බවයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහල ගොස් ඇත.

    ඊයේ (21) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,832කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 90,200
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 86,759
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,895
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 546

    https://www.hpb.health.gov.lk/si

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *