ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජල දිනයේ තේමාව වන්නේ “ජලය අගය කිරීම” යන්නයි.
ඒ අනුව මෙවර ලෝක ජල දිනය සමරන්නේ, තිරසර සංවර්ධන ඉලක්ක අතර, 06 වන ඉලක්කය වන ”පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව” පදනම් කරගනිමිනි.
1922 දී බ්‍රසීලයේ, රියෝ ද ජෙනීරො හී පැවති එක්සත් ජාතීන්ගේ පරිසරය හා ප්‍රවර්ධනය පිළිබඳ සම්මේලනය (UNCED) අතරතුර න්යායපත්රය 21 මඟින් ලෝක ජල දිනයක් නම් කිරීම සඳහා අදහස ඉදිරිපත් කර අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1993 වසරේ මාර්තු 22 දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
එහිදී ලෝක ජල දිනය 1997 වසරේ සිට එක්සත් ජාතීන් විසින් නම් කරන තේමාවක් යටතේ සිය සාමාජික රටවල් ලෝක ජල දිනය සැමරීම සඳහා ජල සංරක්ෂණය පාදක කරගත් වැඩසටහන් මහජන සහභාගීත්වය ඇතිව සංවිධානය කරනු ලබයි.
ඒ අනුව මෙරට ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සුරකිමු ගංගා ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කතරගම පූජා භුමියේ මැණික් නදිය අසල අද (22) දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.
ලොව සමස්ථ භුමි ප්‍රමාණයෙන් ජලය ඝන සැතපුම් මිලියන 332.5ක් පමණ ඇතැයි ගණන් බලා ඇති මෙයින් එදිනෙදා මිනිස් පරිභෝජනයට ගත හැකි 0.3% ප්‍රමාණයක් වන අතර ඉතිරි 97% ක් ම ඇත්තේ සාගර මුහුදු ජලය වේ.
ඒ නිසාම සීමිත ස්වභාවික සම්පතක් වන ජලයෙහි අගය කියා නිම කළ නොහැකිය. ජීවයේ උල්පත වන්නේද ජලයයි. මානව ශිෂ්ටාචාරයේ පදනම වන්නේ ද ජලය වන්නා සේ ම, ජලයෙන් තොර කිසිවක පැවැත්මක් නොමැත.
කෙසේ වෙතත් ජලයේ වටිනාකම තේරුම් නොගෙන එය නොසලකා ක්‍රියාකරන්නේ නම් හෝ ජල සංරක්ෂණය කිරීමට අවශ්‍ය කඩිනම් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ජල ගැටලුව සම්බන්ධ ගැටළු සඳහා සාර්ථක පිළියම් සෙවීම දුෂ්කර කාර්යයක් වනු ඇති වේ.