Headlines

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධුරයෙන්ඉල්ලා අස්වී ඇති බව සඳහන් වේ. සේවා අවශ්‍යතාවයක් මත ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

    දින 52 ආණ්ඩුවේ දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2018 ඔක්තෝම්බර් මාසයේ දී නාලක කළුවැව මහතාව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස පත් කරන ලදී.

    ඒ මහතා පවතින කොරෝනා වසංගත ත්තවය මර්ධන ජාතික වැඩසටහනේ දී හා රජයේ කැබිනට් තීරණ දැනුම් දීම් ඇතුළු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුවිශේෂී කාර්යභාර්යන් රැසක් සිදු කරන ලදී.

    මෙම ඉල්ලා අස් වීම පිළිබඳ නාලක කළුවැව මහතා ප්‍රකාශයක් ලබා දී නොමැති අතර මෙම ඉල්ලා අස් වීම පසුගිය දිනවල රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සිදුවූ තනතුරු අහිමිවීමේ රැල්ලට මෙම අස්වීම සිදු වූයේද යන්න පැහැදිලි නැත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *