අද දින (23) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 40 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 274 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (22) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලයෙන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 52 ක් ලෙස දැක්වේ. කළුතර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 30 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 163 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණයක් වාර්තා වී ඇති අතර මෙලෙස මිටගොස් ඇත්තේ, වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (22) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 5,983 කි.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 90,514
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 87,058
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,905
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 551
