Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-25) – ඊයේ ආසාදිතයින් 253 යි මරණ 02 යි..

    අද දින (25) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 15 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 238 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (24) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 53 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 42 ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 105 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිටගොස් ඇත්තේ,  කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් සහ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 554 දක්වා ඉහල ගොස් ඇත.

    ඊයේ (24) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,350කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 91,018
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 87,629
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,834
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 554

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *