Headlines

    ඊයේ වැඩිම ආසාදිතයින් යාපනයෙන් – ඊයේ ආසාදිතයින් 271 යි මරණ 03 යි..

    අද දින (26) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 271 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 20 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 251 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 77 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 68 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 79 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මිටගොස් ඇත්තේ,  පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහල ගොස් ඇත.

    ඊයේ (24) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,350කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 91,289
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 87, 881
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,854
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 557

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *