Headlines

    පස්සර මාරක අනතුර සිදු වූ තැන කළු ගල එම ස්ථානයෙන් ඉවතට..

    පසුගිය 20 වනදා බදුල්ල – පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය අවහිර වන පරිදි වැටී තිබූ කළු ගල ඊයේ (27) රාත්‍රී ඉවත් කර ඇත.

    මෙම ගල පසුගිය නොවැම්බර් මාසයේ සිට මග හරස් කරමින් වැටී තිබූ අතර බස් අනතුර සිදුවීමත් සමඟ මෙම ගල අනතුරින් දින 5ක් ඇතුළත ඉවත් කිරීමට හැකි වී තිබේ.

    මෙහි දී ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පෙරවරු 7.15 ට පමණ බස් රථය පෙරළී ගිය ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර මාර්ගය හරස් කරමින් වැටී තිබූ එම කළු ගල ද අනතුරට එක් හේතුවක් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි.

    අදාළ කළු ගල මාර්ගයෙන් ඉවත් කරන ලෙස කෙතරම් පැවසුව ද එය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු නොකළ බව ප්‍රදේශවාසීන් පැවසූ අතර අදාළ බලධාරීහු අනතුර සිදු වූ දිනයේ ප්‍රකාශ කළේ ගල ඉවත් කරන ලෙස කිහිප විටක් අදාළ කොන්ත්‍රාත් සමාගම දැනුවත් කළ බවයි.

    මීට පෙර මෙම කළු ගල එම ස්ථානයෙන් ඉවත් කළ තිබුණි නම් ඇතැම් විට පසුගිය 20 වනදා රටම කම්පා කළ මෙවන් ඛේදවාචකයක් සිදු නොවන්නට ද ඉඩ තිබෙන්නට හැකි වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *