Headlines

    සඳහිරු මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදු අද කරයි..

    අනුරාධපුර පූජා භුමියේ ඉදිකර ඇති සඳහිරු මහා සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ප්‍රධානත්වයේ අද (28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියේදී සිදු කරන ලදී.

    එහි දී සඳහිරු සෑය චෛත්‍යරාජයාණන් වහන්සේගේ පැළැඳවීමට නියමිත චූඩා මාණික්‍ය දානපති ආතර් සේනානායක මහතා විසින් අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වෙත භාර දීමද සිදු කළේය.

    මෙම වෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු වසර 11ට පෙර ආරම්භ කෙරුණ අතර පුරා දශක තුනක් පැවති කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිතය පරිත්‍යාග කළ 29,000ක් පමණ වූ වීරෝදාර රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 14,000ක් පමණ වූ වීරෝදාර රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් මෙම සෑය ඉදිකර ඇත.

    මෙ මස 20 සිට විවිධ ධානපතින් විසින් පරිත්‍යාග කළ කෝටි 20ට වඩා වටිනා මැණික් මංජුසා 02 මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අද (28) දින මෙම චෛත්‍යරාජයාණන් වෙත පූජා කර ඇති අතර තැන්පත් කිරීමට නියමිත නිධන් වස්තු විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ වෙත පිළිගැන් වී මෙන් අනතුරුව පිරිත් සහ මංගල බෙර වාදන මධ්‍යයේ සඳහිරු සෑ ස්ථූපයේ හතරැස් කොටුවේ තැන්පත් කිරීම සිදු කෙරිණ.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා, පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල් පිරිසක් සහ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට ඒක්ව සිටි බව සඳහන්ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *