Headlines

    දැවැන්ත බහාලුම් නැව මුදා ගැනේ – සුවස් ඇළ නිදහස් වේ..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) සතියකට ආසන්න කාලයක්  අවහිර කරමින් සිරවී තිබූ දැවැන්ත කන්ටේනර් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව  වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකක් වන අතර සතියකය පමණ පෙර දී අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් මෙම නෞකාව හේතුවෙන් පාවී ගොස් සුවස් ඇළේ හරහට හිරවීම හේතුවෙන් විශාල තදබදයක් සුවස් අළෙහි ඇති වුණි.

    MV EVER GIVEN නම් දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන මෙම නෞකාව බහාලුම් ප්‍රවාහන නෞකාවකි.

    මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී තිබූ බව පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්‍රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *