ඩෙංගු මර්දනය වෙනුවෙන් අද (30) සිට දින 03 ක කාලයක් ලංකාව පුරාම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව බස්නාහිර පළාතේ අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 29ක එම වැඩසටහන අද සිට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 4700 ක් වාර්තා වී තිබෙන අතර එම කාලය තුළ මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 03 ක් වේ.
ඊයේ (29) ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේදී ඩෙංගු මර්දනය සදහා වඳ මදුරුවන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුදා හැරීම සිදු වූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයකට අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවකගේ සහයෝගයෙන් මෙම ඩෙංගු මර්දන ක්‍රියාවලිය සිදුකරනු ලබයි.
එහි දී සිදු වන්නේ අදාල ප්‍රදේශයෙන් ලබා ගන්නා මදුරු කීටයින්ගෙන් පිරිමි මදුරුවන් තෝරාගෙන එම පිරමි මදුරුවන් වන්ද්‍යාකරණයට ලක් කර අදාල ප්‍රදේශයට මුදාහැරීමයි.