Headlines

    චීනෙන් පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 අද දිවයිනට..

    චීන රජය විසින් ප්‍රදානය කළ සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන්  (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

     ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 දරණ ගුවන් යානය එන්නත් මාත්‍රා ලක්ෂ 06 රැගෙන යානය අද (31) පෙ.ව 11.28 බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළගා වී ඇත.

    එම ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කෙරේ.

    චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඇත.

    ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරේ, මෙරට සිටින චීන ජාතිකයන්ට එන්නත දීම ලබන සඳුදා සිට ආරම්භ කරන අතර මෙරට ජනතාවට එන්නත් ලබාදීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසු සිදු කෙරෙන බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *