ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇත.
ඒ අනුව රුපියල තව තවත් අවප්‍රමාණය කරමින් අද (31) දිනයේ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලට සාපේක්ෂව 202 යි සත 04 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත වාර්තා දක්වයි.
තව ද එහි ගැනුම් මිල රුපියල් 197.62 ක් ලෙස එම වාර්තා වල වැඩිදුරටත් දැක්වුණි.
මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව මහ බැංකු විසින් ප්‍රකාශ කළේය.
එහි දී බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 278 සත 24 ක් ලෙසත්, යූරෝ එකක විකුණුම් මිල රුපියල් 237 යි සත 40 ක් ලෙසත් මහ බැංකු විනිමය අනුපාතික සටහන් වී තිබිණ.