Headlines

    පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ අරඹයි..

    කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය‘ කොළඹ විහාර මහාදේවි උද්‍යානයෙන් පසුගිය (30) වන දින ඇරඹීය.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පැළ මිලියන 20ක් සිටුවීමේ මෙම වැඩසටහනට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා දින 11ක් පුරාවට මුළු දුර කි.මී. 712 කට විවිධ ස්ථානවල සංකේතාත්මකව පැල සිටුවන පාපැදි සවාරියක් ද එදින (30) ආරම්භ විී ඇත.

    එම උත්සවයට සහභාගී වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ශ්‍රී ලාංකික අප කොවිඩ් -19 වෛරසය හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර  රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු බවයි.

    මෙම පැළ සිටුවීමේ කර්තව්‍ය ‘මාතා“ පදනම මඟින් සංවිධානය කර ඇත.

    ඒ පසුගිය වසරේ ලෝකයේ ඇතිවූ සංවර්ධන ක්‍රියාවලියත් සමඟ වායුගෝලයට කාබන් මුදා හැරිමෙන් ගෝලීය උණුුසුම ඉහළ යාම නිසා හිමකදු දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, නියඟ ගංවතුර ආදී කාලගුණික – දේශගුණික විපර්යාස රැසකට ලෝකය මුහුණ දෙමින් පැවතීම හේතුවෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *