අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 264 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි. ඉතිරි ආසාදිතයින් 244 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඊයේ (31) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 59 ක් ලෙස දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 52 ක් ද යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 95 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ,වත්තල ප්‍රදේශයේ 85 හැවිරිදි කාන්තාවක සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහල ගොස් ඇත.
ඊයේ (31) දිනය තුළ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,835 කි.
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වනවිට එන්නත් ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 913,219 ක් ලෙස ඉහළ ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 92, 706
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 89,251
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 2,887
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 568