Headlines

    අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒකරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස රජය විසින් ජනතාවගෙන් ඉල්ලයි..

    වසංගත රෝග විද්‍යා ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේ, අවුරුදු සමයේ අනවශ්‍ය ලෙස ඒ්කරාශී වෙමින් සතුටු සාද පැවැත්වීමෙන් වළකින ලෙස ද ඒ ලෙස කටයුතු කළ හොත් කොවිඩ් නව රැල්ලක් ඇති වීම වැළැක්විය නොවිය හැකි බවයි.

    ඒ  අද දින (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් 19 හමුවේ අවුරුදු සැමරීම සම්බන්ධව පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

    අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරේ, අප රටෙහි මේ වන විට කොරෝනා රෝගීන් වාර්තා වීම අඩුවීමක් දක්නට ඇති අතර එයට හේතුව PCR පරීක්ෂණ සිදුකිරීමේ අඩුවක් නිසා ද යන්න ඇතමුන් අතර සැකයක් පැවතියද එයට හේතුව වනුයේ රෝගීන් අඩුවීම නිසා ආශ්‍රිතයන් අඩු වීමත් ආශ්‍රිතයන් සදහා සිදුකළ යුතු පී සී ආර් ප්‍රමාණය අඩුවීමත් බවයි.

    ළඟ ළඟම එන අලුත් අවුරුද්දත් සමග කොළඹ නගරයෙහි සේවය කරන විශාල පිරිසක් ගම් රටවල් බලා ගමන් කරන අතර ඒහිදී ආර්ථික ප්‍රවර්ධන කලාප ආදියෙහි සේවය කරන්නන් වැනි පිරිස් අතර ආසාදිතයන් සිටියහොත් ඔවුන්ගෙන් ගම් කරා රෝගය පැතිර යා හැකි බැවින් කොළඹින් පිටවන්නන් සදහා අහඹු PCR පරීක්ෂ සිදුකිරීමට නියමිත බව ද වෛද්‍යවරයා එම විශේෂ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    තව ද සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට සම්පූර්ණයෙන්ම කොවිඩ් 19 රෝගයෙන් නිදහස් වන තුරු දිගින් දිගටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනා ලෙසටයි.

    එහි දී  වෛද්‍යවරුන් විශේෂයෙන් අවධාරණය කළේ, අවුරුදු චාරිත්‍ර කුඩා පිරිසකට සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග සිදුකරමින් මෙවර අවුරුදු සමරන ලෙසද සාප්පු සවාරි යෑමේදී අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමට අවධානය යොමු කරමින් සෙනග ගැවසෙන ස්ථාන මගහරිමින් කටයුතු කරන ලෙසය. අවුරුදු ක්‍රීඩා වලදී නව සාමාන්‍ය ක්‍රමයක් අනුගමනය කළ හැකි බවද එහි දී වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *