Headlines

    ලොවපුරා කිතුණුවන්ගේ ශුද්ධ වූ මහ සිකුරාදා දිනය අදයි..

    ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, මිනිස් සංහතිය වෙනුවෙන් දිවිපිදු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහිගන්වන මහ සිකුරාදා දිනය අද (02) දිනට යෙදී තිබේ.

    අද (02) දිනයේ දී ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් සිදු කරනු ලබනු ඇත.

    ඒ අනුව ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වීම සිදු කිරීම අදින් අවසන් වේ.

    එහි දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද (02) දිනයේ දී සිහිපත් කරන අතරම උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට (04) දිනයට යෙදී තිබේයි.

    කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, පාස්කු දිනය සැමරීම වෙනුවෙන් ජනතාවට සැපයිය යුතු උපරිම ආරක්ෂාව මේ වන විට ලබාදී ඇති බවයි.

    තව ද අදට යෙදෙන මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් කතෝලික දේවස්ථානවලට සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *