එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම මිලදී ගත හැකි බවයි.
ඒ අනුව රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට තීරණය කර තිබෙන අතරම වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක පවතින මිල රුපියල් 135ක් වුවද ලබන සඳුදා
සිට එම තේ කොළ ග්‍රෑම් 100ක් අලෙවි කෙරෙන්නේ රුපියල් 95කට බව සඳහන්ය.
තව ද රුපියල් 550ක පමණ මිලකට අලෙවි කෙරෙන සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310කට ද, රුපියල් 350කට අලෙවි කෙරෙන අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250කට ද, SLS සහතිකය සහිත මුහුණු ආවරණය රුපියල් 14කට ද, අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150 තෙක් අඩු කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
අභ්‍යාස පොත් ද දැනට පවතින මිලට වඩා සියයට 20ක් අඩුවෙන් අලෙවිය සිදු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ලබන සඳුදා සිට දිවයින පුරා සියලුම සතොස අලෙවිසැල්වලින් නව මිලගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බව සඳහන් කළේය.