සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
එමඟින් අළුත් අවුරුද්දේ සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය කළ යුතු උපදෙස් ආදී වශයෙන් අත්‍යවශ්‍ය කරුණු ඉන් පැහැදිලිකර ඇත.
ඒ අනුව නිවසේ සිට සිදුකළ යුතු අවුරුදු චාරිත්‍ර ලෙස දැක්වෙනුයේ, නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අවුරුදු දිනයේ ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුබවය මෙන්ම හිසතෙල් ගෑමයි.
තව ද පුණ්‍ය කාලයේදී හැකිතාක් දුරට නිවසට වී ආගමික වතාවත්වල නිරත විය යුතු අතර පන්සල් හෝ කෝවිල්වලට යන්නේ නම් සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බව එහි සඳහන් වේ.
නිවසේ සියලුදෙනා එකට එක්ව අවුරුදු ක්‍රීඩා කළ හැකි අතර නෑදෑගමන් යාම, කැවිලි හුවමාරු කරගැනීම, නිවස පිටත බොහෝ පිරිසක් එකතු වී අවුරුදු උත්සව පැවැත්වීම අවම කළ යුතු වේ.
ඊට අමතරව අවුරුද්ද සැමරිය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් මාලාවක් ද ඇතුළත් අතර එම මාර්ගෝපදේශ මාලාව මෙසේ වේ.




