කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගරය පුරා අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

පෙර වෛරස ව්‍යාප්තිය වතාව මෙන් පස් ගුණයක් වේගයෙන් මෙවර වෛරසය පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද ඇය පවසන හඬ පටයක් සමාජ ජාලා වෙත එක් කර ඇත.

මෙනිසා සියළු මන්ත‍්‍රීවරුන් කොරෝනා පරීක්‍ෂණය කර ගත යුතු බවත් ස්වයං නිරෝධායනය විය යුතු බවත් ඇය සදහන් කර ඇත.

මේ අතර කොළඹ නගර සභාව විසින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නගර සභාවෙන් සියලුම සේවාවන් ලබා දීම ප්‍රධාන ගොඩනැඟිල්ල අසළ පිහිටි කවුළුවක් මගින් පමණක් සිදුකරන බවයි.

බදු ගෙනීම් අන්තර්ජාලය හරහා සිදු කරන ලෙසද ඉල්ලා ඇත.

කොලඹ නගර සභාවේ සේවකයෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වීමෙන් පසු මෙම තීරණ ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *