ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද(04) මහත් භක්තියෙන් සමරනු ලබයි.
කිතුණු ජනතාව අද (04) පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීම සිදු වූයේ මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමිනි.
ඒ අනුව දින 40ක චතාරික (උපවාස) සමය ගෙවන කිතුණු බැතිමතුන් ආගමික වතාවත්වල නිරත වෙමින් ද එම දින 40 ගෙවූ අතර අද (04) දිනයේ එහි සියල්ලේ අවසාන දවස ලෙස එම පාස්කු ඉරුදින විශේෂ දේව මංගල්‍යයට සහභාගී වුණි.
ඊයේ (03) රාත්‍රීයේ ද දිවයින පුරා දේවාස්ථානවල රාත්‍රීයේ ද දේව මෙහෙයන් පැවති අතර සියලු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද (04) දිනයේ දී විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණි.
තවද මීට දෙවසරකට පෙර දේවස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීමද අද දවසේ දී එම දේව මෙහෙයේ සිදු වුණි.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ 2019 වසරේ එල්ල වූ පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බවයි.
තව ද නැවත එවැනි ඛේදවාචකවලට කිසිදු අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ද එතුමන්ගේ පාස්කු ඉරු දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.